‘වරායේ පිවිසුම් බලපත් ගැනීම ලොකු ගැටළුවක්‘


වරාය පිවිසුම්  වාර්ෂික බලපත්‍ර  ලබා  ගැනීමේදි ඉහළ  තනතුරු  දරන ඇතැම්  ආරක්ෂක සේවා නිලධාරින්ට අල්ලස් මුදල් ලබාදිමට සිදුවීමෙන් වරායට  සම්බන්ධ ආනයන අපනයන කටයුතුවල යෙදී  සිටින පෞද්ගලික අංශවල ප්‍රධානින් දැඩි අසිරුතාවයකට පත්ව ඇති බව වාර්තාවේ.

යුද්ධ කාලයේ පැවති ආරක්ෂක විධි විධාන බොහෝ  ආයතන ලිහිල් කර තිබුණ ද කොළඹ වරායේ ආරක්ෂක අංශය ඔවුන්ට විශේෂ වු දැඩි ආධිපත්‍යයක්  අනුගමනය කරමින් කටයුතු  කරන බව කියති.

වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා  පවසා  සිටියේ බලපත්‍ර  නිකුත්  කිරිමට  නව කමිටුවක්  පත්  කිරිමට  කටයුතු  යොදා ඇති බවයි.