‘වරායේ ගැඹුරින් ආර්ථිකය මැනීම බොරු‘


වරායක ගැඹුර මත හෝ කුලුනක උස මත හෝ මේරටේ ආර්ථීකය සංවර්ධනය වු බවට තීන්දු ලබා දිය නොහැකි බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (11) කොළඹ  උත්සවයකදී පැවසීය. එසේම රටක ආර්ථීකය දියුණූව කොන්ක්‍රීට් වලට හෝ යකඩ ගොඩකට ලඝු නොකළ යුතු යැයි හෙතෙම කීවේය.

ගතවු වසර දහයක කාලයේ රටේ සාමාන්‍ය  පවුලක ආර්ථීකය වර්ධනය වූයේ සියයට 0.5 කින් වැනි සුළු වර්ධනයකින් බවත් , ජීවත්වන සාමාන්‍ය පවුලක සිහින සැබෑ කළ හැකි නම් එය රටේ සැබෑ ආර්ථීක සංවර්ධනය යැයිද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසූ පරිදි මේ රටට තිරසාර ආර්ථීක සංවර්ධනයක් ළගා කර ගත හැක්කේ දැනුම මත පදනම් වූ සමාජ වෙළඳපොළ ආර්ථීකයක් මත පමණක් යැයි  සිල්වා මහතා පැවසීය.