‘වර්ජනයේ නැති සංගම් රියදුරන් යොදවනවා’ - අශෝක් අබේසිංහ


(අමල් වික්‍රමරත්න) 
 
වර්ජනය අවසන් වනතුරු වර්ජනයට එක්ව නොමැති දුම්රිය වෘත්තීය සංගම් දෙකක රියදුරන් මගින් දෛනිකව කාර්යාල දුම්රිය හෝ ධාවනය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක  අබේසිංහ මහතා පැවසීය.

ජනතාවට හැකි තරම් විකල්ප ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා ලෙස නියෝජ්‍ය ඇමැති ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දුම්රිය වෘත්තීය සමිති පසුගිය (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.