නාලක සංජීව දහනායක
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් එකතු වී තිබූ සියළුම ලිපි ලේඛන හා පාර්සල් දින තුනක් ඇතුළත බෙදා අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
දින 16 ක් පුරා පැවති තැපැල් වැඩවර්ජනය හේතුවෙන් දේශීය ලිපි හා විදෙස් ලිපි ලක්‍ෂ පහලොවකට අධික ප‍්‍රමාණයක් එකතු වී තිබෙන බවත් මෙම ලිපි හා පාර්සල් බෙදාහැරීම සඳහා දැනටමත් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
තැපැල් සේවක වෘත්තීය ගැටලූ කිහිපයකට විසඳුම් දෙන ලෙස ඉල්ලා තැපැල් සේවකයින් දින 16 ක් පුරා ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ (26) රාත‍්‍රී නතර කළද තමන් තවදුරටත් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වන බවද චින්තක බණ්ඩාර මහතා කීය.