‘වර්ජන වලට මුහුණ දෙන්න විකල්ප රියදුරන් පුහුණ කරනවා’



 
 
අංජුල මහීක වීරරත්න
 
වර්ජන වලට මුහුණදීම සඳහා විකල්ප දුම්රිය රියැදුරන් කණ්ඩායමක් පුහුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්  සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී අද (9) පැවසීය.


මාස හයක් ඇතුළත එම විකල්ප දුම්රිය රියැදුරන් කණෟඩායම පුහුණූ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


අතීකාල දීමනා සමඟ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මාසික වේතනයක් ලබන දුම්රිය රියැදුරන් හිටිහැටියේ මෙලෙස වර්ජනය කිරිමෙන් ජනතාවට වන අපහසුතාවය මඟහැරවීම මෙම විකල්ප රියැදුරු කණ්ඩායම පුහුණු කිරිමේ මුලික අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කීය.


දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කිරිම පිළිබඳව ද රජයේ අවධානය යොමුවී තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි