‘වයිරසය ගැන ජනතාවගේ සැලකිලිමත් භාවය මදි‘


කොරෝනා   වයිරසය  (කොවිඩ්-19)  සම්බන්ධයෙන්  ජනතාව  තවමත්  ඒ  තරම් සැළකිල්ලක්  දක්වන බවක් පෙනෙන්නට නැතැයි  සෞඛ්‍ය  අමාත්‍ය  පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් -19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අමාත්‍යවරිය මේ බව පැවසූවාය.

මේදිනවල   අනවශ්‍ය පුද්ගල එක්රැස්වීම් , ගමන් බිමන් ,සංචාර  හැකි තරම් සීමා කරන ලෙස තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්,  රෙදිපිළි අලෙවිසැල් වැනි ස්ථානයන් හි ජනතාව තවමත් එක් රැස්වී සිටිනු තමා දුටු බවත් පැවසූ අමාත්‍යවරිය එවැනි අලෙවි සැල් වසා දමන ලෙසත්   කීවේය.

රටක් ලෙස එක්ව ගෙන යන මෙම වැඩපිළිවෙළට  ජනතාව මේ අවස්ථාවේදී සහයෝගය  ලබා දිය යුතු බවද  අමාත්‍යවරිය පැවසූවාය.