‘වයිමාට බැරිදේ අපි කළා‘


මෙරට ඉතිහාසයේ වසර 20කට පසු පසුගිය ජූනි මාසයේ දී ආර්ථිකයේ අවධමනයක් වාර්තා වී ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්‍ෂව මෙම වසරේ ජූනි මාසයේ දි භාණ්ඩ මිල ඉහළයාම හෙවත් උද්ධමනය සියයට 0.2කින් පහත වැටී ඇති බව එනම් අවධමනයක් සිදුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අද (31) ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

සක්කරයාගේ මල්ලී වයිමාටවත් කරන්න බැහැයි කියා බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කී දේ වත්මන් රජය සහ හර්ෂ ද සිල්වලා විසින් සිදු කර පෙන් වූ බව ද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.