‘වන සතුන්ට නිගා නොදෙනු‘


කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වන හා නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් වනසතුන් ගේ නිදහසට බාධාවන අයුරින් බීමත්ව හා කලහකාරී ලෙස හැසිරෙන සංචාරකයින්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා කටයුතු කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් 3 වැනිදා වනෝද්‍යානයට ඇතුළුවී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු 9 දෙනෙක් ඔවුන් පැමිණි යතුරු පැදිද සමග අත් අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.