‘වටරැක විජිත හිමියනට තාම පැමිණිල්ලක් නෑ‘


ජාතික කොඩිය සම්බන්ධයෙන් ජාතික බළ සේනාවේ සභාපති සහ නව සම සමාජය පක්ෂයේ ඡන්ද අපේක්ෂක වටරැක විජිත හිමි කළැයි කියන ප්‍රකාශය ගැන පැමිණිල්ලක් ලද වහාම පරීක්ෂණ අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.

ඒ සම්බන්ධයෙන් සමාජ වෙබ්අඩවිවල කතා බහ කළ ද මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි ද ඔහු පැවසීය.

ඒ හිමියන්ගේ ප්‍රකාශය පිළිගත් මාධ්‍යයක ගියහොත් පැමිණිල්ලක් නැතිව වුව ද විමර්ශන ආරම්භ කළ හැකි බව ද ගුණසේකර මහතා කීවේය.