ලොකු මිනිසුන් රුපියල් බිලියන ට්‍රිලියන ගණනින් සොරකම් කරන විට පහළ රාජ්‍ය සේවකයන් රුපියල් හාර පන්සියයක අල්ලස් ගන්නා අවස්ථා තමා දැක ඇති බවත් රටේ වංචාව හා දූෂණය පිටුදැකීම පහළ නිලධාරීන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා නොව ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරියා දක්වා ක්‍රියාත්මක කිරීමට නව රජය කටයුතු කරන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී අද (8) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නිකුත් කරන්නේ නම් මෑතකදී නිකුත් කළ මුදල් නෝට්ටු වෙනුවට මීට වසර කිහිපයකට පෙර තිබූ ආකාරයේ නෝට්ටු නිකුත් කරන්නැයි මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට උපදෙස් දුන් බව මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
දැන් භාවිතයේ ඇති මුදල් නෝට්ටු හඳුනාගත නොහැකි යැයි දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය කළ දුක්ගැනවිල්ලකට අනුව මෙසේ උපදෙස් දුන් බව ද ජනපති පැවසීය.
දේශපාලන බලාපොරොත්තු, ඉලක්ක හා පරමාර්ථ ඉටුකරගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් කොටුකර ගැනීමෙන් තොරව නව ආණ්ඩුවක් ලෙස නව වර්ෂයේ සිට රාජ්‍ය සේවය නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් අරඹන බවද ජනපති එහිදී කීවේය.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවැනි පත්වීම් ප්‍රදානය කරමින් ජනපති මෙම අදහස් පළ කළේය.




