‘ලෝකේ කිසිම පාලකයෙක් කනබොන දේට බදු ගහන්නේ නෑ‘


‘ලෝකේ කිසිම පාලකයෙක් කන බොන භාණ්ඩවලට බදු ගහන්නේ නෑ, එන්නේ කන්න දෙන්න‘ යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා බලපිටිය ජනහමුවක් අමතමින් පැවසීය.

‘මහින්ද මහතා මොකද කළේ? කන බොන බඩුවලට බදු ගැහුවා. රුපියල් දාහක් කඩේට අරන් ගිහින් වියදම් කළොත් ඒකෙන් රුපියල් 450 ක් ආණ්ඩුවට. පසුගිය කාලේ කෝටි නව ලක්ෂයක ණය අරන්  තියෙනවා‘ යැයිද ඒ මහතා කීවේය.