‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ‘


මූල්‍ය අපරාධ හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිසියට මෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එන ඇතැම් දේශපාලනඥයන් බියෙන් සලිතවන බවත් තමන් රිමාන්ඩ් නොකරන ලෙසත් එවැනි වැරදි යළි නොකරන බවටත් සපථ කරමින් පින්සෙන්ඩු වන බවත් වාර්තාවේ.

ළඟදී ආපු ලොක්කෙක් රැස්වීමක ලොකු කථාවක් කීවාලු. කාටවත් බය නැති වීරයකු සේ කථා කළ ඔහුට පොලිසිය ඉදිරියේ දාඩියත් දැම්මාලු. වායු සමනය උපරිම දැම්මත් දාඩිය දාන එක නම් නවත්තගන්න බැරිවුණාලු.

කතාකරන්න ලොකු චණ්ඩියෙක් වුණු ජනතා වීරයෙකුත් පොලිසිය ළඟ බලු වුණාලු.