‘ලක්ෂ හැටක් ගහලා’


උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම ඇමැති කේ.එච්. නන්දසේන මහතා කියයි. රුපියල් හැට ලක්ෂයක අක‍්‍රමිකතාවයන් ද සිදු වී ඇතැයි කියන ඔහු ඒ ගැන පරීක්ෂණයක් ද අරඹා ඇත. ‘කඩ කාමර විසි අටක වැඩ ඉවරයි. ඒත් කිසි වැඩක් නෑ. වැඩ අවසන් කරන්න තවත් රුපියල් කෝටි පහක් හයක්  ඕනෑ’ යැයි ද පළාත් ඇමැති පවසයි.