ලංකා ගමනාගමන මණ්ඩල සේවකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම වහාම නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ට සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිට නියෝග කර ඇත.
මහරගම, මොරටුව, කටුබැද්ද, කැස්බෑව සහ අනුරාධපුරය ඇතුළු ඩිපෝ රාශියක සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් පසු විවිධ දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට කකළ පැමිණිල්ලක් අනුව මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව ඌව පළාතේ සහ කුරුණෑගල, කළුතර දිස්ත්‍රික්කයන්හි ඩිපෝවල සේවකයින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයිද මැතිවරණ කොමසාරිස් පවසයි.
රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය දේපළ අවභාවිතය මැතිවරණ නීතිය යටතේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධාන හා රජයේ පාලන රෙගුලාසි යටතේත් නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් අමාත්‍යංශ ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන්ය.

