(අනීෂා මානගේ)
ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න විදේශීය රටවලට කිසිදු අයිතියක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (28) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ අද (28) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
රටේ විනය ආරක්ෂා කළ හැකි නායකයෝ පත්විය යුතුයි. මැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් වෙන්නේ රට ජාතිය විනාශ වන එක. පසුගිය මැතිවරණයේ දී මාව පරදවන්න විදේශීය රටවල් කළ සේවය දන්නවා. එයාලාත් මෙවර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පසුගිය මැතිවරණයට වඩා එය අඩුවේවි යැයි අපි සිතනවා. විදේශික රටවල්වලට කිසි අයිතියක් නැහැ අපේ රටේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න. අපි ඔවුන්ගෙන් ඉල්ලනවා එහෙම මැදිහත් වෙන්න එපා කියලා. මේ රටේ ජනතාවට එය කරන්න ඉඩ දෙන්න. අපිට කොයි රටත් එකයි. අපි සියලු රටවල් එක්ක වැඩ කටයුතු කරන්නේ මිත්‍රත්වයෙන්.
අපි දැන් මැතිවරණයකට බොහොම කිට්ටුයි. එකක් ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය පස්සට දාන්න නොයෙක් අයගේ නොයෙක් උපක්‍රම තිබෙනවා. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා නියමිත දවසේ නියමිත මැතිවරණය පවත්වන්න ඕනෑ කියලා. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කතාවක් යනවා. ඒ සඳහා සමහරු යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහර අයට ඕනෑ අපි යම්කිසි එකඟතාවට ආවොත් එය නැති කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයත් අතර පවතින එකමුතුව නැති කරන්න බොහෝ කුමන්ත්‍රණ යනවා. නොයෙක් ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් කරමින් යනවා. අපේ අය අතර ගැටුම් ඇති කරන්නත් ඔවුන් උපක්‍රමශීලිව කටයුතු කරන්නත් ආරම්භ කර තිබෙනවා. මේ කාලයේ අපි පරිස්සම් වෙන්නට ඕනෑ. හැම දෙයකින්ම පරිස්සම් වෙලා අපි වේදිකාව හැසිරෙව්වොත් අපිට කිසි කරදරයක් නැතුව ජයග්‍රහණය කරන්නට පුළුවන්.
සෑම පත්තරේකම දිනපතාම පිටුවක් පුරා දැන්වීම් පළකරනවා ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න ඉන්න අය. මේ සඳහා යන දේශපාලන වියදම මහජන සල්ලිවලින් තමයි වියදම් කරන්නේ. ආණ්ඩුව වියදම් කරන සල්ලි කාගෙද. හැම දේකින්ම අය කරන බදුවලින් මේ අය අද පෞද්ගලික වුවමනාවන්වලට යොදාගන්නවා. මට කෑ ගැහුවා කටවුට් ගහනවා කියලා. මම ගහපු ඒවා වගේ සිය ගුණයක් ලොකු කටවුට් දැන් කොළඹ ගහනවා. අපි නම් කතා කරන්නේ නැහැ ඒ ගැන. අපි නිහඬව ඉන්නවා.
අද මිනිස්සු බයයි. එෆ්සීඅයිඩී එකට කව්ද අරගෙන ගියේ නැත්තේ. කම්කරුවාගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා ගියා. ඒ අය සද්ද නැතුව ගිහින් ඇවිත් අපිට ඇවිත් කියනවා. පසුගිය දවසක එක්කගෙන ගිහින් නගරාධිපති කිව්වා එයාගේ මස්සිනා එක්කගෙන ගිහිල්ලා කන පැලෙන්න ගහලා. සීඅයිඩීයට අවසරයක් තිබෙනවාද මිනිස්සුන්ට ගහන්න. පරීක්ෂණයක් නැහැ. පොලිසියටත් රටේ මිනිස්සුන්ගේ කන පැලෙන්න ගහන්න මේ ආණ්ඩුව අයිතිය ලබා දීලා තිබෙනවා නම් රටේ මිනිස්සුන්ගේ අනාගතයට මොකක්ද වෙන්නේ. ඒ අය මතක තියාගන්න ඕනෑ මේ ආණ්ඩුව තිබෙන්නේ තව මාස කිහිපයයි. එය ස්ථීරයි. රටේ ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපතිවරයායි. ඔහු මේ ගැන සොයා බලන්න ඕනෑ. අත්තනෝමතික විදියට වැඩ කරන්න නිලධාරීන්ට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. මගේ නඩුව කාලේ සීඅයිඩීය හොඳ රාජකාරියක් කළා. අද කරන්නේ දේශපාලන වුවමනාවන් ඉටු කිරීමයි.

