‘ලංකාවේ අභිමානයට ඇගිලි ගහන්න කාටවත් බෑ‘
බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකැසුණු වාර්තාව සාක්කි විභාග නොකළ කමිටුවක වාර්තාවක් බවත්, එහෙයින් එහි නිගමන පිළිගත නොහැකි බවත්, ශ්‍රී ලංකාවේ ජාතිකත්වයට හා අභිමානයට ඇගිලි ගැසීමට කිසිවකුටත් ඉඩක් නොදෙන බවත් විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

