‘ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් වන්දියක් ඉල්ලනවා‘


(යොහාන් භාසුර)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නේ යැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

නෞකා අනතුරෙන් සිදුවූ හානිය ගණනය කිරීමට විශාල කාලයක් ගතවන බවත් ඒ හේතුවෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හිමි සමාගමෙන් අන්තර් වන්දි මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ලහඳපුර මහත්මිය පැවසුවාය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධිය පිළිබඳව ඇය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය. “මෙයට හේතුව කිසිවකුගේ හෝ නොසැලකිලිමත් වීමක් දැයි සොයන්න සමස්ත කරුණු විශ්ලේෂණය කළ යුතුයි. වරාය පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවෙන් පසුව නීිතිමය ක්‍රියාමාර්ග ගන්නවා”