‘ලංකාවට කල් දෙන්න ඕනෑ‘


ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කඩිනමින් කළ හැකි දෙයක් නොවන බවත්, ජාත්‍යන්තරය නියෝජනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ජපානය  සූදානම් යැයි ශ්‍රී ලංකාවේ සාමය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසන්ධාන කටයුතු  සඳහා වන ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා අද (13) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී කීය. ප්‍රතිසන්ධානය සඳහා නිශ්චිත කාල සීමා පැනවීම ප්‍රයෝගිකව කළ නොහැකි දෙයක් වන බැවින් ශ්‍රී ලංකාව සමග තවදුරටත් සායෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යාන්තර ප්‍රජාව උත්සහ කළ යුතු බව අදහස යැයි ද අකාශි මහතා එහිදී කීය. සිය සයදින නිල සංචාරය අවසන් කරමින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජපන් තානාපති  නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එසේම රජය කිසිදු ගැටලුවකින් තොරව උතුරු පළාත් සභාමැතිවරණය සාර්ථකව අවසන් කිරීමත්, එම නව පළාත් සභාව හරහා ස්ථාවර හා අනෝන්‍ය විශ්වාසයක් උතුරු පළාත්  සභාව හා මධ්‍යම රජය අතර ලඟදීම ආතිවනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව ද කීය.