ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකා වැසියන්ට අමෙරිකාව අනතුරු අඟවයි
ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුම්වත් වන ලෙසත්, දේශපාලන රැස්වීම් හා රැලිවලට සහභාගීවිමෙන් වළකින ලෙසත් අමෙරිකා රජය සිය වැසියන්ට දැනුම්දී ඇත.
සාමකාමි දේශපාලන රැලි සහ රැස්වීම්වල පවා ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇති විය හැකි හෙයින් ඇමෙරිකා රජය මෙම සංචාරක උපදේශනය නිකුත් කර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා සහ ජිවත්වීම සඳහා ඉතා හොඳ රටක් ලෙස අනුමත කරන ලෙස ද ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත. මීට සති දෙකකට පෙර ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලබන 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මෙවැනිම අනතුරු ඇඟවීමක් සිදු කර තිබිණ.

