(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ලිහිල් කිරීමට ජාත්‍යන්තරය කැමැත්ත පළ කර ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය.
කොළඹ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේද කීය.
"මහින්ද රාජපක්ෂ සමයේ 2012, 2013 සහ 2014 යන වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකා රජයට විරුද්ධව යෝජනා තුනක් සම්මත වුණා."

