‘රෝ ඔත්තු සේවයට සම්බන්ධනම් ඔප්පු කරන්න‘


ඉන්දියා මහකොමසාරිස්  කාර්යාලය හා  රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා  මහතා  පදනම්  විරහිත අසත්‍ය  තොරතුරු ප්‍රකාශ  කිරිම නිසා  තමාට  සිදුවු  අපකීර්තියට  වන්දි  ඉල්ලා  එන්තර වාසි   යැවු බවත්  එවැනි සම්බන්ධතාවයක්  තමා හා ඉන්දියා මහකොමසාරිස්  කාර්යාලය හෝ රෝ ඔත්තු සේවය සමඟ ඇති බවට   ඔප්පු කළහොත්  ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුරයෙන්  තමා ඉල්ලා  අසුවන බවත්  සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මලිත්  ජයතිලික මහතා රාජගිරියේ  පිහිටි  දේශපාලන පීඨ ශ්‍රවණාගාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවේය.

එම අවස්ථාවට  ජනාධිපති  සම්බන්ධිකාරණ ලේකම්  නීතිඥ ශිරාල්  ලක්තිලක, නීතිඥ නාමල් ජයන්ත සිල්වා  යන මහත්වරුන් ද සහභාගී වුහ.

Malith_201592112