රුපියල් කෝටි දොළහමාරක අල්ලස් සිද්ධියට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනෙකු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කීවාය.
වැටලීම් සිදුවන අවස්ථාවේ එතැන නොසිටි එම දෙදෙන ඉතාම ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් ඇය පැවසුවාය.

