යම්කිසි සිද්ධියකට චෝදනා ලබන දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරය රෝහලට රැගෙන යාම අසාධාරණ බැව් ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අධික දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යැයි කියමින් මෙවැනි විශේෂ පුද්ගලයන් බන්ධනාගාර රෝහල් වෙත යොමු කළ ද, චෝදනාවලට ලක්වන සාමාන්‍ය පුද්ගලයකුටත් එවැනි රෝග තිබුණද ඔවුන්ට මෙම වරප්‍රසාද නොලැබෙන බව ද නියෝජ්‍ය ඇමැති කීවේය. එය සාමාන්‍ය පුද්ගලයන්ට කරන අසාධාරණයක් බව ද හෙතම පැවසීය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලටත්, එතැනින් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකටත් යොමු කිරීම ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

