‘රැගත් සුරා පිරූ විතින් : නටවයි රට මැති ඇමැතින්‘


ප්‍රභූන් හා දේශපාලනඥයන් සිය ගෝල බාලයන් නමින් සුරාසැල් 2000ක් පමණ පවත්වාගෙන යතියි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා සුරාබදු අංශය අනුමාන කරයි.

වයින් ෂොප් යනුවෙන් ප්‍රකට මෙම සුරාසල්වලට දේශපාලන බලවතුන් බලපත්‍ර ගෙන එක් බලපත්‍රයක් රුපියල් පන් ලක්ෂය ගණනේ විකුණන බවද කියති.

ඇතැම් දේශපාලනඥයනට මෙවැනි සුරාසල් තුන හතරකින් සල්ලි උණතියි කියති.

හිටපු මන්ත්‍රීන් ඔවුන්ගේ සමීප නෑයන් ඇතුළු විශ්වාසවන්තයන් හා හිටපු ගෝලබාලයන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරු දෙදෙනකුද විශාල වශයෙන් මධ්‍යසාර නිෂ්පාදනය හා බෙදාහැරීමේ නිරත බවද කියති.

බලපත්‍ර රෙගුලාසි උල්ලංඝනය කළැයි හිටපු ඇමැතිවරයකුගේ සමීප නෑයකුට ගිය වසරේදී රුපියල් දෙකෝටියකට වැඩි දඩයක් ගැසූ බවද සුරාබදු ආරංචි කියයි.