‘රාජිතගේ ප්‍රකාශ රජයේ නිල ප්‍රකාශ නොවෙයි නම් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න‘- ගම්මන්පිල


 (මුදිතා දයානන්ද)

 

රාජිත සේනාරත්න ඇමතිවරයා රජයේ නිල මාධ්‍ය ප‍්‍රකාශකයා ලෙස කියන දේවල් රජයේ නිල ප‍්‍රකාශ නොවන්නේ නම් වහාම ඔහු එම  ධුරයෙන් ඉවත් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයය ගම්මන්පිල මහතා අද (21) පැවසීය.


 ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.


                වේලූපිල්ලේ පිරබාහරන් මහත්මයෙකු කරමින්ද කොටි ත‍්‍රස්තවාදීන් සිය පුතු චතුර සේනාරත්නගේ සහෝදරයින් කරමින්ද, දෙමළ සංහාර දිනය සැමරීම වරදක් නැතැයි කියමින්ද රාජිත සේනාරත්න ඇමතිවරයා කළ ප‍්‍රකාශ්‍ය ආණ්ඩුවේ නිල මතය නොවේ යැයි ඇමතිවරු ප‍්‍රකාශ කරන්න පටන් අරන්.


 රාජිත ඇමතිවරයාගේ ප‍්‍රකාශය නිල ප‍්‍රකාශයක් නෙවෙයි කියලා කියන්න  මේ ඇමතිවරු කවුද? රාජිත ඇමතිවරයා තමයි රජයේ නිල ප‍්‍රකාශකයා. රජය වෙනුවෙන් නිල අදහස රටට කියන ප‍්‍රකාශකයා. ඒ නිසා ඔහු කියන දේවල් නිල ප‍්‍රකාශ නෙවෙයි කියාල කාටවත් කියන්න අයිතියක් නැහැ. එහෙම කියනවා නම් කිව හැක්කේ රටේ ජනාධිපතිට හෝ අගමැතිවටයි. ඔවුන් එසේ කියනවා නම් පළමුව කල යුත්තේ රාජිත ඇමතිවරයා නිල මාධ්‍ය ප‍්‍රකාශක තනතුරෙන් ඉවත් කිරිමයි. එසේ නොකරන තාක් ඔහුගේ ප‍්‍රකාශ තමයි රට පිළිගන්නේ.