‘රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප් අර්ධ රාජ්‍ය අංශයට නොදීම අසාධාරණයි’


(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)  
   
රාජ්‍ය අංශයේ සේවකයින්ට 2019 අයවැය මගින් ලබාදුන් රුපියල් 2500 ක වැටුප් වැඩිවීම අර්ධ රාජ්‍ය ආයතන ලෙස සැලකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අධිකාරී සේවකයින්ට නොලැබීම අසාධාරණයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.

අර්ධ රාජ්‍ය අංශ සේවකයින්ට මෙම වැඩිවූ වැටුප් නොදෙන්නේ ඇයිදැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මේ ප්‍රශ්නයට පිළිතුරු යොමු කරමින්  කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සඳහන් කර තිබුණේ රාජ්‍ය සේවකයින්ට වැඩි කරන වැටුප් ඒ ආකාරයෙන්ම අර්ධ රාජ්‍ය අංශයට ගෙවිය යුතු බවට නියෝග කිරීමේ හැකියාවක් තම අමාත්‍යාංශයට නොමැති බවය.

මෙම ප්‍රශ්නය විෂයභාර මුදල් ඇමතිවරයාගේ අවධානයට යොමු කරන බවද කම්කරු ඇමතිවරයාගේ පිළිතුරෙහි දැක්වේ.