මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට කැමති දූෂණයට අකමැති බුද්ධිමත් ජනතාව යළිත් ඒකාධිපති පවුල් පාලනයකට බලයට ඒමට ඉඩ නොදෙතියි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම පැවැති ජනමුවකදී පැවසීය.
විජයවර්ධන මහතා පේරගස්හන්දිය, බණ්ඩාරවත්ත, සාම මාවත, බොරලුවල යන ප්‍රදේශවල පැවති ජනහමුවලට සහභාගිවිය.
‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම නිසා මේ රටේ සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව කම්පාවට පත්ව සිටිනවා. පසුගිය පාලනයෙන් ජනතාවට නිදහසක් තිබුණේ නැහැ. රටට ජනතාවට ආදරය කරන, එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා ජාත්‍යන්තර රටවල් පවා අපේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටිනවා‘

