‘රාජපක්ෂ රෙජීමයේ මළ බෙරේ 17‘


‘අපි සටනට ලැහැස්තියි මම දන්නේ නැහැ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සටනට එනවාද පැනලා යනවද කියලා. එතුමාට අගමැති අපේක්ෂකයා වී ඡන්ද සටනට කරුණාකරලා එන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බය නම් ගෙදර ඉන්න. අපි රාජපක්ෂ රෙජිමය ගියපාර පරාජය කළා. එතුමා මේ පාර ඡන්දෙට ආවම අපි රාජපක්ෂගේ එදා රෙජීමය වළලාදාන්න කටයුතු කරනවා ආපහු එන්න ඉඩ තියන්නේ නැහැ‘ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගලේවෙල ටී.බී. තෙන්නකොන් අනුස්මරණ ශාලාවේ පැවති එජප කී‍්‍රයාකාරින් හමුවකදී පැවසීය.

‘ජනවාරි 8 දා රාජපක්ෂ රෙජිමය පැරැද්දුවා ඊට පස්සේ අපි දින 100 වැඩසටහනක් කළා. ජනාධිපතිතුමයි මමයි එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු කළා. ආපහු නිදහස කියන සුළඟ මේ රටේ හමන්න පටන් ගත්තා. අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය  අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළා පළමු වතාවට සුළුතර ආණ්ඩුවක් ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ඒත් බහුතරයට ඕන වුණේ සංශෝධන දෙකක් නිසා මෙය විකෘති වුණා‘

web1 web2