‘රාජපක්ෂ ඕවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි‘


‘සිංදුවක් කිව්වාම එක එකා එනවා ගහන්න. විහිළුවට වගේ සිංදුවක් කිව්වාම බෝතල් අරගෙන එනවා ගහන්න. රජතුමාට අපහාස කළා කියනවා. රජවරුන් හිටියේ ඒකාලේ. ළඟදිත් මට මන්ත්‍රීකෙනෙකු තර්ජනය කර තිබුණා. අපේ මල්ලිට කියලා ‘උඹලගේ අයියගේ කට පරිස්සම් කර ගන්න කියපන්‘ කියලා. මෙවැනි මැරවරයන්, හැදියාවන් නැති අය එවන්න එපා. ඔවුන් සත්තුවත්තකටවත් දාන්න බැහැ. මොකද සත්තුවත්තට දැම්මොත් සතුන් නරක් වෙනවා. වෙනම කූඩුවක් හදා කූඩු කරන්න ඕනෑ අය ඔබ පාර්ලිමේන්තුවට එවනවා.‘ යිය ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා  ‘පුරවැසි බලය‘ රැස්වීමක දී කීවේය.

ඔහු එහි දී ගීත කිහිපයක් ද ගායනා කළේය. ඔහුගේ අයි ඩෝන්ට් නෝ වයි සින්දුව ඔහු ගායනා කළේ පැවැති රජය ගැන කියමිනි.

ඕනෑම කෙනකුට අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක් විවේචනය කරන්න. ගහන්න යන්න එපා. ඇති වෙනකම් විවේචනය කරන්න.‘