‘රාජගිරියේ කට් රොෂාන්’ අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

"රාජගිරියේ කට් රොෂාන්" සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේ දී අද (2) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 
 
සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ  රුපියල් ලක්ෂ  50 ක ආසන්න වටිනා හෙරොයින්  මත්කුඩු තොගයක් හා මුදල් සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම සැකකරු සන්තකයේ තිබී  මත්කුඩු ග්‍රෑම්  307 ක් සහ රුපියල් ලක්ෂ 11 ක මුදලක් පොලිසිය බාරයට ගනු ලැබීය.