‘මේ තැපැල් ඡන්දය ගැන කතා කරන කාලේ. බොහෝ විට ලංකාවේ දේශපාලනයේදී විශාල වශයෙන්ම ඒ සඳහා භාවිතා වෙන පිරිසක් තමයි රජයේ සේවකයන්. මොන සුදුසුකම තිබුණත් අද වන විට රජයේ රස්සාවක් ගන්න නම් දේශපාලඥයන්ගේ පස්සේ යන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා මොකක් හරි රස්සා කට්ටක් හම්බවුණාට පස්සේ මුළු ජීවිත කාලයම අර දේශපාලකයා වෙනුවෙන් කැප කරනවා. මේක බොහෝ කාලයක සිට ලංකාවේ දේශපාලනයේ පැවතෙන සම්ප්‍රදාය බවට පත්වෙලා තිබෙනවා. බොහෝ අය දේශපාලනය කරනවා කියලා කියන්නේ රස්සාවක් ගන්න කාට හරි කඩේ යන එකට.‘ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කළුතර දී කීවේය.
‘ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවයේ සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 80 පමණ ඉන්නවා. මේ දින වල මම දැක්කා රැකියා විරහිත උපාධිධාරීන් සමාජ ජාල වෙබ් අඩවිවල දාල තිබ්බා, සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ගේම ඡන්දය ඕනෑ නම් රස්සා දෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන කියලා. ඇත්තටම ඒකේ තිබ්බේ අභියෝගයක් කරලා, ඒක හොඳයි. හැබැයි අපි කියනවා ඒක වඩා හොඳ වෙන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. සටන් කරන එක. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට අපි ඒ අයට උත්තරයක් දෙනවා. ඔබ එක්ව සටන් කරන්න, අප ඒ සඳහා සහය වෙනවා. එක්ව සටන් කරනවා නම් දිනන්න පුළුවන්. දැන් පහුගිය ආණ්ඩුව වගේම මේ තියෙන හවුල් ආණ්ඩුවෙනුත් ඔබලාට ලැබුණේ පොලිසියෙන් බැටන්පොලූ පාර. අපි දැක්ක ඒක බස්නාහිර පලාත් සභාව ඉස්සරහදී. ඒ නිසා වෙනසක් ඕනෑ නම් කරන්න තියෙන්නේ සටන් කරන එක.‘


