‘රනිල්ට එරෙහි දෝෂාභියෝගය අත්සන් කරලා ඉවරයි‘ - වෙල්ගම


‘රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව දෝෂාභියෝගය අත්සන් කරලා තියෙන්නේ. ලබන 7 වැනිදා කළුතර සිට කොළඹට පෙළපාළියකින් ගිහින් 8 වැනිදා දෝෂාභියෝගය බාර දෙනවා‘ යැයි හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා බණ්ඩාරගමදී කීවේය.

මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාස නායකයින් හමුවීමකදී වෙල්ගම මහතා එසේ පැවසීය.

‘මෛත්‍රිපාල මහතාගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි. රනිල්ගේ අගමැතිකම පමණයි. එයා කථා කරන්නේ වෙනම දෙයක්. මම ඔය හැම සාකච්ඡාවකටම මුලින්ම ආව මිනිහෙක්. දහයක් හමුවුණොත් දහ විදියක්. ඒකට හොඳම උදාහරණය තමයි මුලින්ම සාකච්ඡාවට ගියේ මමයි, ටී.බී.ඒකනායකයි. සාකච්ඡාව ඉවරවෙලා ටී.බී ගෙදර යනකොට එයාව මධ්‍යම කාරක සභාවෙන් අයින් කරලා.‘

DSC00587 DSC00606