‘රනිල්ට ආණ්ඩුවක් හදන්න අපි ඉඩ දෙන්නෑ‘


අපි 94 බලයට පත්වුණාම  ඒ කාලෙ බාර් වලට බලපත්‍ර දුන්නා.මේ එක්සත් ජාතික පක්ෂයෙ කෙටි කාලය තුළ බාර් ලයිසන් 400 ක් විතර දීල තියනවා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ එකම බාර් ලයිසන් එකක්වත් දුන්නේ නැති බව එස්. බී. දිසානායක මහතා උඩුනුවර පැවැති උත්සවයකදි පැවැසීය.

‘මේ එතනෝල් බලපත්‍ර දීලා ඒකෙන් සුවඳ විලවුන් හදන්න, ඖෂධයක් හදන්න, ඕඩිකොලෝන් හදන්න හරි බලපත්‍රයක් දුන්නම ඒකට විශාල අඩු බද්දක් ගහන්නේ. ඒක ගෙනල්ල අනික් පැත්තට හොර අරක්කු කාරයන්ට වික්කොත් සියයට 300 ක 400 ක ලාභයක් ගන්න පුළුවන්. තවත් පරණ වාහන ගෙන්වන්න බලපත්‍ර තුන් හාරදාහක් දීලා තියනවා. මේ සියල්ලම මුදල් හම්බ කරන මහා වංචනික නීති විරෝධී ක්‍රියා. මේ නිසයි අපි මහින්ද මෛත්‍රී එකතු කරලා අපේ පක්ෂය එකතු කරලා අපේ සන්ධානය එකතු කරලා අද මැතිවරණයකට මුහුන දෙන්නේ. මම එක කාරණයක් කියනවා. අපි කීයටවත් රනිල් වික්‍රමසිංහට මේ රටේ ආණ්ඩුවක් හදන්න දෙන්නෙ නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ මහින්ද මෛත්‍රිගෙ සන්ධානය‘