‘රනිල්ගේ ආණ්ඩුවකට පයින් ගහන්න මේපාර බැරිවේවි‘


ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමත් සමඟ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බව ප්‍රකාශ කර ඇතැයි පරිසර හා මහවැලි නියෝජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා ගලේවෙල පැවැති රැස්වීමක දී කීවේය.

2001 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට පයින් ගසා එළවා දැමූ බවත්, 19 වැනි සංශෝධනයත් සමඟ මෙවර එසේ කළ නොහැකි බවත් අලුවිහාරේ මහතා පැවසීය.