‘රනිල් ළඟට ගියාම පාඨලීටත් කෙළින් කතා කරන්න බෑ‘


‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලයට පත් කළේ ඔහුට එහෙයි කියන අය විතරයි. අපි හිතුවා කෙලින් කතා කරන පාඨලී චම්පික රණවක ඇමැතිවරයා හෝ මේ ආණ්ඩුවේ සිදු වුණු දූෂණ වංචාවලට එරෙහිව කතා කරයි කියා. නමුත් එයත් එක වචනයක් කතා කළේ නෑ.‘ යි සන්ධානයේ හිටපු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

මහ බැංකු බැඳුම්කර සහ කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය නැවත අඩු වියදමකින් ආරම්භ කිරීම යන සිද්ධින් වලදී යහපාලන ආණ්ඩුව දූෂණ හා වංචා සිදු කර ඇතැයි ද ඔහු කීවේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ඊට සහභාගී විය.

RDS_1282 RDS_1290