එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් නොසොයන්නේ ඔහු නැවත බලයට ගෙන ඒමේ උත්සායක් නිසාදැයි සැක මතු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී කීවේය.
‘මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ ගේන්න එක්සත් ජාතික පක්ෂය කැමතියි මට පේන විදියට. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එහෙම කටයුතු කරනවද කියන එක හිතුවට කමක් නෑ කියා හිතෙනවා. මොකද ඊළඟ ඡන්දෙට කලින් ශ්‍රීලනිපය දෙකට බෙදන්න පුළුවන්නම් හොඳයි කියා ප්‍රතිවරුද්ධ කණ්ඩායම් කල්පනා කරනවා ඇති. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන්න පුළුවන් මහින්ද රාපක්ෂ මහත්තයාත් ගෙනත් දාලා, පාදඩකරණයට ශ්‍රීනිපයේ ලක්වුණු පිරිසයි, නන්නත්තාර වූ පිරිසයි එකතු වුණාම හරි කියලා.
මහින්ද රාජපක්ෂ නැවත ගෙන්වන්න උවමනාවක් තිබෙනවා නම් එක්සත් ජාතික පක්ෂය ඔහු සම්බන්ධ චෝදනා ඉස්සරහට ගන්නේ නෑ. ඔහු ගෙන්වීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දේශපාලන වශයෙන් කළු කරන වැඩ එජාපය කරන්නේ නෑ. ඒකට යම් කිසි සුජාත භාවයක් හැදෙන්න අරිනවා. එහෙනම් එජාප ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ වංචා සම්බන්ධයෙන් හොයන්න මැදිහත් වෙන්නේ නෑ. ‘

