‘රනිල් කඩදාසි නැති රටක් පොරොන්දු වෙයි‘


නොමිලේ අන්තර්ජාල වයිෆයි පහසුකම් ලබා දීම නව තාක්ෂණය ශ්‍රී ලංකාව වැළැඳ ගැනීමේ ආරම්භය බව රනිල් වික්‍රමසිංහ අගමැති කියයි.

තාක්ෂණ ඩිජිටල්කරණයෙන් එම අරමුණ කරා යෑමට හැකි වන බවත්, හැමවිටම තමා විවෘත සංවාදයකට සූදානම් බවත් ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව මෙම තාක්ෂණික පිම්ම පැණිය යුතු බව ද, ගූගල් සමාගම ඩිජිටල්කරන උත්සාහයට සහාය දෙන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.

ඩිජිටල් කරනයෙන් ලොව හා සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට ලෝකය හා එක්ව නැඟී සිටිය හැකි බව ද ඔහු පවසයි.

ඩිජිටල් ආර්ථිකයක් යනු වැඩිපුර රස්සා, ඉහළ වැටුප් හා වඩාත් හොඳ ආර්තිකයන් බවත්, එය ආර්ථික ප්‍රවර්ධනයේ ඵලදායිකත්වය වැඩි කරන ප්‍රධාන කාරණය බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් කඩදාසි රහිත සමාජයකට යන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකරනුයේ ශ්‍රී ලංකා ගුවන් තලයේ හීලියම් සහිත බැලුම් යවා වයිෆයි සංඥා ලබාගෙන රටපුරාම ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ගිවිසුමකට ගූගල් සමාගමේ ගූගල් ලූන් අත්සන් තැබීය.