අලුත් රටක් හදන බව රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බවත් එය ඇත්තක් බවත් උතුරු නැගෙනහිර වෙන් කළ විට ලංකා සිතියම වෙනස්වී අලුත් රටක් නිර්මාණය වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවිදි හඬ ප්‍රමුඛ ජාතික එකමුතුව සමග ගිවිසුමකට එළැඹෙමින් ප්‍රකාශ කළේය.
එම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස යන හිමිවරු ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වෛද්‍ය ගුණදාස අමරසේකර, තිලංග සුමතිපාල, බන්දුල ගුණවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.










