(නිමල කොඩිතුවක්කු)
යුද ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු ත‍්‍රිවිධ හමුදාව ඇතුළු සියලූ දෙනාම මෙන්ම ත‍්‍රස්තවාදය ආරම්භ වුණු දවසේ සිට අහිමි වූ අහිංසක ජනතාවගේ ජීවිතත් සිහිපත් කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (18) පැවසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
‘‘අද දිනය අපිට ඉතා වැදගත් දිනයක්. ත‍්‍රස්තවාදය පරාජය කරලා යුද්ධය අවසන් කරලා, සාමය ආවේ අද වගේ දවසකයි. ඒ වෙනුවෙන් කැපවුණු ත‍්‍රිවිධ හමුදාව ඇතුළු සියලූ දෙනාම අපි සිහිපත් කරන්න ඕනෑ. ඒ වගේම ත‍්‍රස්තවාදය ආරම්භ වුණ දවස ඉදලා අහිංසක ජනතාවගේ ජීවිත නැතිවුණා. ඒ අයත් අපි සිහිපත් කළ යුතුයි’’ යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර