(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.
වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.