‘රටේ නීතියක් නෑ. පාරට බහින කාලය ඇවිත්‘


දෝෂාභියෝගයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය සටන අවුල් කරමින් ජනතාව මුලා කිරීමට ක්‍රියා කළේ ආණ්ඩුවෙන් ලැප්ටොප් හා කාර් මිලදී ගැනීමට ණය ගත් මාධ්‍යකරුවන්  බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයෙන් ඔප්පුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව යැයි ද, රටේ කිසිදු නීතියක් අද නැතැයි ද, නීතියක් නොමැති රටක් ඉදිරියට යන්නේ කෙසේදැයි බරපතල ප්‍රශ්නයක් මතුවන්නේයැයි ද මහින්ද රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම සදහා පාරට බැස සටන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

ඔහු මේ අදහස් පළ කළේ ජාතික නීතීඥ සංගමය සමග රාජගිරියේ පැවති සාකච්ඡාවකදී ය.