ආරියරත්න රණබාහු
රටේ නීතිය හා සාමය අඩු වී තිබෙන බවත් එය නැවත ක්‍රියාත්මක කිරිමේ කටයුතු ඔප්පු කිරිමට සිදු වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේ දී පැවසීය.
දිගන සහ අම්පාර සිද්ධි සම්බන්ධයේ කටයුතු කළ ආරක්ෂක හා පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ගැන ක්‍රියාකරන බව අගමැතිවරයා කීවේය.
එලෙසම මෙම තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කළ පොලිසියේ සහ ආරක්ෂක නිලධාරින්ට විශේෂ ස්තූතිය පිරිනමන බවත් අගමැතිවරයා කීවේය.
සිද්ධියේ අලාභ වුවනට වන්දි ගෙවීමට විශේෂ කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශදෝහීන්ගේ ගොදුරු බවට ජනතාවට පත් නොවන ලෙස අගමැතිවරයා එහිදී ඉල්ලා සිටියේය.