‘රටේ කප්පරක් ප්‍රශ්න තිබියදී අලුතින් ඇමැතිවරු පත් කරනවා‘


  ( නාලක සංජීව දහනායක)


ජනතාව කප්පරක් ප‍්‍රශ්නවල පැටලී සිටියදී අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.


මෙවැනි පැලස්තර විසඳුම් මඟින් තම කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකිවන බව ඒකබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට පැවසීය.


 මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


තම ප‍්‍රශ්නවලට විසඳුම් නැති නිසා ආණ්ඩුව ජනතාව අතර පිරිහෙනවා. ඒ අතරදි පසු පෙළිනුත් ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වෙනවා. මේ පීඩනය අවම කරගන්න මන්ත‍්‍රීවරුන්ට විවිද දොළ පිදේනි දෙනවා. මේවායින් ආණ්ඩුවේ  කඩාවැටීම නවත්වාගන්න බැහැ.