‘රටට පණ දෙන්න මහින්ද රාජපක්ෂ අගමැති කරන්නැයි‘ අනුරාධපුරයේදී සටන් පාඨයක් කිම විහිළුවක් බවත් අවුරුදු 10ක් රට පාලනය කළ මහින්ද ඔහුගේ පවුලට පමණක් පණදුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොච්චියාගම නගරයේ පැවැති රැස්වීමකදී අද පැවැසීය.
ජනතාව මහින්ද රාජපක්ෂගේ දේශපාලන පාස්පෝට් එක තහනම් කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා රටට පණ දෙනවා වෙනුවට මහින්දට සේලයින් දිය යුතු යැයි වශයෙන් ඔවුන්ගේ සටන් පාඨය සංශෝධනය කළ යුතු යැයි ද කීය.
විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍යවරයා ජනතාව අතරට ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරකදක නිරත විය. රාමසාන් උත්සවය සමරන සැමට සුභපතමින් අග්‍රාමාත්‍යවරයා සිය කතාව ආරම්භ කළේය.




