( රංජන් කස්තුරි)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උත්සාහා කරන්නේ නැවත වාරයක් රට ‘විපත් මගට‘ ඇද දැමීමට යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ඥාති -ගජ -මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටටම විනාශ මුඛයට ඇද දැමු හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන්ද රට හුදකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ‘විපත් මගට‘ ඇද දැමීමේ මහත් උත්සාහයක යෙදෙන බව එම නිවේදනයේ සඳහන්ය.