කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා බීබීසීයට අදහස් දක්වමින් කියයි.
‘සිංහල ජනතාව වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ?‘ යැයි බීබීසිය සිංහලෙන් විසමූ ප්‍රශ්නයට සිංහල භාෂාවෙන්ම පිළිතුරු දුන් සම්බන්ධන් කීවේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයකු කරන සියලු දේ තමා ද කරන බවයි.
විරුද්ධ විය යුතු සියලු තැන් වල දී ආණ්ඩුවට විරුද්ධ වන බවත්, යුක්ති සහගතව සහයෝගය දිය යුතු තැන් වල දී ආණ්ඩුවට සහාය දෙන බවත් නව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සිය පළමු කතාවේ දී කියා තිබේ.
ඇමැති මණ්ඩලය වැඩි කිරීමට එරෙහි වන බවත්, සියලු දෙනා ඇමැතිවරුන් වීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බවත්, කෝටි 120ක් සිටින ඉන්දියාවේ ඇමැති ධුර ගණන 65ක් බවත් සම්බන්ධන් ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.

