‘රට දැන් ටිකක් ශිලාචාරයි‘ - සෝමවංශ


‘ජාතික දින සමරුවට මෛත්‍රීපාල සිරිසේන ජනපති පැමිණියේ වෙඩි නොවදින ඇඳුමකිනි. නැත්නම් ඉන්දියා අගමැති මෝදිගේ ඇඳුමට සමාන ඇඳුමකින් ඔහු එහෙම කළේ ඉන්දියා ගැත්තෙක් නිසා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අගුණකොළපැළැස්සේදී  පැවසීය.

‘සෑහෙන ප්‍රමාණයකට දැන් රට ශිලාචාරයි. හිටපු ජනාධිපති  ඡන්ද ප්‍රතිපල අත්හිටුවන්න හැදුවා.අග්‍රවිනිශ්චයකාරයාත් ගෙන්වාගෙ තිබුණා.මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දක් ඇත්නම් ඊට පසුදාම ඔහු එළවන්න ඕනෑ.‘දැන් තිබෙන තත්ත්වය අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවක් පේන්නේ නෑ.එය අහෝසි කිරීමේ ඕනෑකම අත්තේ ජවිපෙට විතරයි.බලය අතහරින අශාව ඇත්තේ ජවිපෙට පමණයි.‘

‘අපි රැස්වීම්වල කුණුහරුප කියන්නේ නෑ.දේශපාලනයේදී බොරු කියන්නෙත් නෑ.එදා ගමේ සිටි පියදාස මරන්න සොයද්දී  අපි ගමේ සිටි සියළුම පියදාසලාගේ හැදුණුම්පත් සෝදිසි කළා.එහෙම කළේ ඔවුන් සොයන පියදාස බේරාගන්නයි.දේශපාලනඥයින් පසුගිය කාලයේ කෑමට මහජන මුදල් ලක්ෂ ගණනක් වියදම් කළා.එය සාංඝිකය කෑමට වඩා දරුණුයි.යමෙක් අපිට කන්න දෙනවානම් එයින්  හාමුදුරුවන්ට දෙන ආනිසංශයම ලැබෙනවා.අපි  ‘බහුජන හිතාය-බහුජන සුඛාය ‘කට්ටියක් .‘