‘රජයේ සේවකයන්ට වසර 5ක නිවාඩු දීම බොරුවක්‘


එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය සේවකයන්ට වසර පහක නිවාඩු ගැනීමට ඉඩ දෙන බව කියනවා. එය සිදු නොවන දෙයක් බවත් ඒ වෙනුවට රාජ්‍ය සේවකයන්ගේ උසස්වීම් මෙන්ම ඔවුන්ගේ රැකියාද අහිමි කිරීමට උත්සාහ කරමින් සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන හමුවකදී පැවසීය.

වේදිකාවට ගොඩවූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කවියක් කීමට පටන් ගත් අතර එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්යාමට පටන්ගත්තේය.

ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය ජන හමුව සංවිධානය කළේය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාද එම රැලියට එක්ව සිටියේය.

DSC_5812 DSC_5891 DSC_6000