රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000 ක් දක්වා වැඩිකර සියලු දීමනා සමග රුපියල් 35,000ක වැටුපක් ලබාදීමට අගෝස්තු 17 වැනිදායින් පසු පත්වන සන්ධාන රජය යටතේ කටයුතු කරන බව වෘත්තීය ඒකාබද්ධ සමිති බල මණ්ඩලයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ එය පැහැදිලිව දක්වා ඇති බවත් ඔහු පැවසීය.
සන්ධාන මැතිවරණ ප්‍රකාශනය ලබන සතියේ එළි දැක්වීමට නියමිතය.

