‘රජයේ වැඩපිළිවෙළට එරෙහිව භික්ෂූන්වහන්සේලා පාරට බහිනවා‘


 (නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ භික්ෂුන් වහන්සේ පාරට බැස දැවැන්ත විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන බව  පැවදිහඩ  සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ.
 
රටට වින කටින සියලූ පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනා පෙරට ආ යුතු බවත ඒ සදහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව  සියලූ දෙනාට ආරාධනා කර සිටින බවද උන්වහන්සේ සදහන් කළහ.
 
පැවදිහඩ  සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව  පැවැසූහ.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද කීහ.
 
‘‘මේ රජයේ වැඩපිළිවෙල යටතේ රට දිනෙන් දින වලපල්ලට යනවා.  මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබ`ද කිසිදු සැලකිල්ලක්  දක්වන්නේ නැහැ. තිස්  අවුරුදු යුද්දයක් පැවතියාට වඩා අද ජනතාව බියෙන් සැකෙන් ජීවත්වෙනවා.මුලූ රටේම ජනතාවගේ සහභාගීත්වයෙන්  අපි මේ රජයට විරුද්දව දැවැන්ත විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරනවා.  පැවදි හ`ඩ සංවිධානයේ මෙහෙයවීමෙන් අපි මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාටත්  අපි ඒ ස`දහා ආරාධනා කර සිටිනවා.
 
කොච්චර හදිසි නිතිය තිබුනත්  අපි මේ සටන අතහරින්නේ නැහැ. අපි මේ ආණ්්ඩුවට විරුද්දව  පාරට  බැහැලා දැවැන්ත විරෝධතාවක් ක‍්‍රිටය්ත්මක කරනවා.
 අපි මේ කරන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් නෙමෙයි. මේ පියවර ගන්නේ ජනතාවගේ ආරක්ෂාව  වෙනුවෙනුයි. අද ජනතාව අපිට කියනවා හාමුදුරුවෝ මොනවත් කරන්නේ නැහැ  සියලූ දේ කරන්නන්් කාදිනල් තුමා කියළා. අපිත් දැන් ඉවසුවා ඇති ඉදිරියේදි ක‍්‍රියාත්මක වෙනවා.ජේ. ආර් ජයවර්ධන මහතාගේ කාළයෙය්ත්  හදිසි නිතිය දාලා මැයි දින තියන්න එපා කිවුවා. ඒත් අභයාරාමයේ අපි මැයි දිනයක්  පැවැත්වුවා. මෙවරත් අපි  ඒ තහනම් නියෝග පැත්තකට දාලා ජනතාව සමග මේ සටන ඉදිරියටම ගෙනියනවා.
 
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ නිදහස් කරගැනිමට කරන්න පුලූවන් හැම දේම  මේ වනවිට අපි කරලා තියෙනවා. පසුගිය දිනවල අපි මෛත‍්‍රීපාල සිරිසේන  මහතා සමග අවස්ථා කිහිපයකදීම මේ ගැන හමුවි සාකච්ඡා කළා.  ඒ හෑම අවස්ථාවකදිම ජාත්‍යන්තර බලපෑම්  තියෙනවා කියලා ජනාධිපතිවරයා මේ ප‍්‍රශ්නය යටගැහුවා.රටේ පාලකයා  වුනාට මෛත‍්‍රිපාල සිරිසේන  මහතා ගැන තුට්ටුවක විශ්වාසයක් අපේ නැහැ. ප‍්‍රතිපත්තියක්  නැති ජනාධිපතිවරයෙක් තමයි අද අපිට ඉන්නේ. මේ කියන එක එතුමා මේ වෙනස් කරනවා.
 
සිරිසේන මහතා  පහුගියදිනවල මහින්ද රාජපක්ෂ මහත්තයට එකතු වෙලා කුනු හෝදගත්තා. එතුමා හැමදේකින්ම ජනතාව රැවැට්ටුවා මිසක්  ජනතාවට යහපතක් කළේ නැහැ’’ යැයිද උන්වහන්සේ  එහිදි පැවැසූහ.